අද සමාජවාදී කියන රටවල් දිහා බැලුවම කෙනෙක් විද්‍යාත්මක සමාජවාදය (මාක්ස් තමන්ගේ මතවාදය හැදින්වුවේ එහෙමයි.) ගැන වැරදි අදහසක් ඇතිකරගන්න පුලුවන්.
එක වැරදි අදහසක් තමයි මාක්ස්වාදය අනුගමනය කළොත් රටවල් දුප්පත් වෙන බව. අපි කලිනුත් කිව්වා වගේ මාක්ස්වාදය කියන්නේ සමාජ ආර්ථික වැඩපිළිවෙළක් හෝ රාජ්‍ය ක්‍රමයක් නෙවෙයි. ඒක ඉතිහාසය විග්‍රහ කරමින් අනාගතය පුරෝකථනය කරගැනීමේ උපක්‍රමයක්, විද්‍යාවක් මිසක් දේශපාලන මතවාදයක් නෙවෙයි. මාක්ස් කිව්වේ සමාජවාදී සමාජයක් බිහිවෙයි කියලයි. සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි.
කොහොම නමුත් කෙනෙක් අහන්න පුලුවන් මොන විදියෙන් හරි සමාජවාදී (නිෂ්පාදන මාර්ගවල අයිතිය සම ව බෙදී යන) ක්‍රමයක් ගැන ප්‍රාර්ථනාව සමග මාක්ස්වාදය බැදී තියෙන නිසා මේ රටවල් දුප්පත් වීමට ඒ ක්‍රමයත් හේතුවක් වෙන්න ඕන නේද කියලා. ඒක ඇත්ත. හැබැයි අපි පරීක්ෂණයක් කරන්න ඕන සමාන තත්ත්වයන් යටතේ. ඒ කියන්නේ සමාජවාදී රටවල් දුප්පත් ය කියන්න කලින් ඒ රටවලට (උතුරු කොරියාව, කියුබාව) දාල තියෙන ආර්ථික සම්බාධක අහක් කරල ඉන්පස්සෙ නිදහස් තත්ත්වයන් යටතේ ආර්ථිකය නංවාගන්න සැලකිය යුතු කාලයක් දීල, එතකොටත් ඒ රටවල් අර වගේ ම දුප්පත් ද කියල බලන්න ඕන. දැං කියන්න පුලුවන් ඒ රටවලට සම්බාධක දැම්මේ හේතු නැතුව නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම, මානව අයිතීන්, නිදහස සීමාකිරීම නිසා ය කියල. ඇත්ත. මෙතන දි නම් ඒ රටවල් වැරදියි. හැබැයි ඒක මාක්ස්ගේ (හෝ මාක්ස්වාදයේ වරදක් නෙවයි.) මොකද මාක්ස් කීවේ විප්ලවයෙන් ඉක්බිතිව ම නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් තිබිය යුතු යි කියලයි. කම්කරුවන්ගේ ආඥාදායකත්වයත් පුද්ගලයන් කණ්ඩායමකගේ ආඥාදායත්වයත් දෙකක් බව මේ රටවල නායකයෝ තේරුම් නොගත්තට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන් මාක්ස්වාදීන් නෙවෙයි. එච්චරයි අපිට කියන්න තියෙන්නේ.
ඊළගට කෙනෙක් මෙහෙම අහන්න පුලුවන් සමාජවාදී ආර්ථිකය තුළ නිෂ්පාදන මාර්ගවල අයිතිය සම ව බෙදී යාම තරගකාරීත්වයක් ඇතිකරන්නෙ නැහැ නේද ධනවාදයේ වගේ කියල. කෙනෙක් වැඩියෙන් මහන්සි වෙන්නේ (සමාගමක් හරි නව නිෂ්පාදන බිහිකරන්නේ) තමන්ට ලාභ ලැබෙනකොට නේද කියල. පුද්ගලික හිමිකාරීත්වයක් තියෙනකොට නේද කියලා. මේක පල් ම පල් බොරුවක්. ධනවාදී සමාජෙක ඉන්න හැම කෙනෙක් තුළ ම ධනවාදී මානසිකත්වය තිබීම සාමාන්‍ය තත්ත්වයක්. තමන් ඉන්න පරිසරය තුළ යි චින්තනය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ සමාජය තුළ ඉන්න කවුරුත් හිතන්නේ පෞද්ගලිකත්වය මුල්කරගෙන. කවුරුත් ලාභ හොයද්දි කෙනෙක් දෙන්නෙක් විතරක් වෙනස් වෙලා දිවිනහගන්න කැමති නැහැ. මේ මානසික තත්ත්වය සමාජවාදී සමාජය තුළත් එලෙස ම වෙනවා. ඒ සමාජය තුළත් තමන් තනියෙන් ලාභයක් හොයන්න ගිහින් කොන්වෙන්න කවුරුවත් කැමති නැහැ. මේ ගැන තවමත් සැක කෙනකුට ආත්මාර්ථකාමීත්වය, ලාභයට ගිජුවීම සහජ මිනිස් ගතියක් ය කියන මතය බිදහෙලන සාධකයක් තමයි විකි වෙබ් අඩවි සහ විවෘත කේත මෘදුකාංග.
දැං සමහරු කියාවි ඔය මොන කතා කිව්වත් ධනවාදේ දිනුම් ය කියල. දියුණු බටහිර රටවල් විතරක් නෙවි දකුණු කොරියාව, ජපානේ වුණත් ඔහොම ඉන්නේ ධනවාදී ක්‍රමයට පින්සිද්ධ වෙන්න නේද කියල. ඔව්. ඒ රටවල් පොහොසත් වෙලා තියෙනවා සමහර රටවල් දුප්පත් වෙලා තියෙන නිසා.
ලෝකේ ගෝලාකාර වුණාට අපිට ඒ බව දැනෙන්නේ නෑ. ඒක අතිවිශාල නිසා. ධනවාදයේ අර්බුදත් බැලූ බැල්මට පෙනෙන්නේ නෑ. (සමාජවාදී රටවල් හදන හෝ හැදෙන කතාවක් මාක්ස් කීවේ නෑ කියල අපි කලින් කීවා.)
බටහිර යුරෝපීය හෝ දියුණු ධනපති රටවල සංවර්ධනයක් තියෙනව නම් ඒක වෙලා තියෙන්නේ ධනවාදී ක්‍රම නිසා නෙවි, රජය ක්‍රියාත්මක කරපු සමාජවාදයෙන් ණයට ගත්තු සුභසාධකවාදී වැඩපිළිවෙළවල් නිසා. එවැනි සුභසාධක නැඹුරුවක් නැති අන්ත ධනවාදී ඇමරිකාව වගේ රටක ධනවාදය කොයිතරම් විෂම ද කියල බර්නි සෑන්ඩර්ස් වගේ කෙනෙක්ගෙන්, ජෝෂප් ස්ටිග්ලිට්ස් වගේ කෙනෙකුගෙන් දැනගන්න පුලුවන්.
මාක්ස් කිව්ව ධනවාදී තරගය තුළ ලාභ ලැබීමේ ඉඩ නිසා වැඩි වැඩියෙන් ධනපතියන්, කර්මාන්ත බිහිවෙනවා කියල. වැඩි වැඩියෙන් නිෂ්පාදන සිදුකරනවා කියලා. තණ්හාව නිසා. මේ විදියට නිෂ්පාදන අතිරික්තයක් ඇතිවෙනවා. නමුත් අතිරික්තය අලෙවි කරගන්න වෙළදපොළක් නැතිවෙනවා. කම්කරුවන් දුප්පත් නිසා ඔවුන්ට ගන්න බැහැ. මේ විදියට අලාභ වුණා ම ඔවුන් කම්කරුවනට ගෙවීම පැහැර හරිනවා/වැටුප් අඩුකරනවා. එතකොට ඔවුන් කැරලිගහනවා. මේ විදියට ධනවාදයේ තරගකාරීත්වයම, ලාභ ලැබීමේ ආශාව ම එය අර්බුදවලට ලක්කරනවා. මෙවැනි අර්බුදවලට තවත් ඔරොත්තු දෙන්න බැරිතරමට තරගය වැඩි වුණා ම ඒ රටේ විප්ලවයක් සිද්ධ වෙනවා. මේ දේ අද මේ විදියට වෙන්නේ නැහැ, රටවල් ඇතුළේ. නමුත් රටවල් අතර වෙන්න පුලුවන්. බලවත්, දියුණු රටවල් ඔවුන්ගේ කාර්මික ඥාණයෙන් හම්බ කරාවි සාමාන්‍ය/දුප්පත් රටවලුත් තාක්ෂණය ජයගෙන තරගයට එනකම්. ඔවුන්ගේ නිෂ්පාදන ඒ රටවල් මිලට ගනීවි එතකම්. පුලුවන් තරම් දුරට ඒ රටවල් දුප්පත් ව තියාගන්න එක ඒ නිසා ඔවුන්ගේ අරමුණ වේවි. එහෙම එන්න එන්න, තරගකරුවන් වැඩිවෙන්න වැඩිවෙන්න කෙනෙකුගේ වෙළදපොළ අර්බුදයට ලක්වෙනවා. නිකමට බලන්න චීනයයි, ඇමරිකාවයි දිහා මේක බොරු ද කියල. මේක මහා පරිමාණව රටවල් සෑහෙන ගණනක් අතර සිදුවුණොත් කොයිතරම් ලොකු ආර්ථික අලාභ , අර්බුද වෙන්න පුලුවන් ද? රටවල් බිදවැටෙන්න පුලුවන් ද? මේ විදියට අර්බුදවලට මුහුණදෙන්න බැරි දවසක් ආ දාට ධනවාදය බිදවැටේවි. ලෝකේ දුප්පත් රටවල් තිනෙකං ධනවාදය ඔහොම ඇදගෙන යාවි.
No comments:
Post a Comment